ප්‍රධාන පුවත්

පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිගෙන් ජනපතිට ලිපියක්

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කුලපති, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන්වහන්සේ විසින් ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ බුදු පිළිමය තැන්පත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

 

ලිපියක් යොමු කරමින් උන්වහන්සේ සඳහන් කර  ඇත්තේ  මෙම සිදුවීම සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා ඇතුළු දස දෙනෙකු සිරගත කිරීම පිළිබඳව සිය කණගාටුව පළ කරන බවය.

 

වැඩිදුරටත් එහි සඳහන්ව ඇත්තේ මෙම භික්ෂූන් වහන්සේලා බුදු පිළිමයක් තැන්පත් කළේ පෙර රජවරුන් විසින් දිවි හිමියෙන් රැක ගත්, සසුනට පූජා කරන ලද මෙම පින්බිමේ දී වන බවත් ඔවුන් පහරකෑමට ලක්වූයේ ද බුදු පිළිමයක් තැබීමට ගොස් මිස වෙනත් කිසිදු අපරාධයක් සිදු කිරීමෙන් නොවන බවත්ය.

 

මෙවන් සාමාන්‍ය සිදුවීමක් පදනම් කරගෙන සිදුවිය නොහැකි ආකාරයේ චෝදනා ගොනු කොට, රජයේ මැදිහත්වීම ද ඇතුළුව කරන ලද මෙම ක්‍රියාව සිතා මතා ශාසනය සම්බන්ධයෙන් කරන ලද මහා අපරාධයක් බව තමාගේ විශ්වාසය වන බවද උන්වහන්සේ  මෙම ලිපියේන් අවධාරණය කර ඇත.

 

එමෙන්ම මෙම භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනා වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙසද මෙම ලිපිය හරහා උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

 

ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය පහතින්,

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button