ප්‍රධාන පුවත්

කබ්රාල්ට ග්‍රීක බැඳුම්කර නඩුව යළි විවෘතයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම යළිත් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුවූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

මීට පෙර නඩුව ඉල්ලා අස්කර ගැනීමට රුපියල් මිලියන 100ක් මාස තුනක් ඇතුළත තැන්පත් කිරීමේ කොන්දේසියක් පනවා තිබූ අතර, එය නියමිත කාලය තුළ ඉටු නොකිරීම හේතුවෙන් දූෂණ විරෝධී පනතේ 67(5) වගන්තිය යටතේ නැවත නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button