
ප්‍රධාන පුවත්
පොලිස් ත්‍යාග අරමුදල් වංචාවකට කොස්තාපල් අත්අඩංගුවට
පොලිස් ත්‍යාග අරමුදලේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ගෙවීම් අංශයේ මුදල් භාරව කටයුතු කළ කොස්තාපල්වරයෙකි.
පොලීසිය සඳහන් කළේ, ඔහු විසින් පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් 35,440,415ක මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇති බවය.
සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ චෝදනා ගොනු කර තිබේ.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.



