ප්‍රධාන පුවත්

ආනයනික බඩඉරිඟු බද්ද රු.50 දක්වා ඉහළට

ආනයනික බඩඉරිඟු සඳහා අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති බව රජය නිවේදනය කර තිබේ.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයකට අය කරන බද්ද රුපියල් 50ක් දක්වා වැඩි කර ඇත.

මෙම නව බදු අනුපාතය 2026 මැයි 5 සිට 2026 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන බව ද සඳහන් වෙයි.

මීට පෙර 2025 දෙසැම්බර් 31 දින නිකුත් කළ අංක 2469/12 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ තිබූ බදු නියමයද මෙම සංශෝධනය සමඟ වෙනස් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය 2026 මැයි 4 දින මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button