ප්‍රධාන පුවත්

පාකිස්තාන මහ කොමසාරිස් මෙරට ආරක්ෂක ලේකම් හමුවේ

ශ්‍රී ලංකාවේ රාජකාරී ආරම්භ කළ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නයියර් නසීර් මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර නිල හමුවක් ඊයේ (05) පැවැත්වුණි.

මෙම හමුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවූ අතර, මහ කොමසාරිස්වරයාගේ රාජ්‍යතාන්ත්‍රික සේවා කාලය ආරම්භ කිරීම වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයා සුබ පැතුම් එක් කළේය.

දෙරටට වැදගත් ද්විපාර්ශ්වික කරුණු, ආරක්ෂක සහයෝගීතාව, පුහුණු වැඩසටහන් සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව තිබේ.

එසේම ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැමැත්ත පළ කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button