
රාජ්‍ය අංශ අනියම් සේවකයන් ස්ථිර කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
රාජ්‍ය අංශයේ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම යටතේ සේවය කරන පිරිසට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා අදාළ 11/2026 දරන චක්‍රලේඛය නිකුත් කර තිබේ.
මෙම චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමුකර ඇති බව සඳහන්ය.
පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, මෙම තීරණය හරහා සේවකයන් 9,800කට ආසන්න පිරිසකට ස්ථිර පත්වීම් සඳහා අනුමැතිය හිමිවන බවයි.
2026 අයවැය යෝජනා අනුව රාජ්‍ය ආයතනවල දැනට තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනමින් සේවයේ නියුතු පිරිස් සම්බන්ධයෙන් මෙන්ම, පෙර සහන පදනම මත සේවය කර ස්ථිර පත්වීම් ලැබුවද එම පත්වීම් විධිමත් නොවූ සේවකයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරයද මෙම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.



