
ප්‍රධාන පුවත්
අයිස් , හෙරොයින් සමඟ තරුණයෙකු මාදම්පිටියේදී අත්අඩංගුවට
මාදම්පිටිය පොලිස් බලප්‍රදේශයට අයත් රන්මුතු සෙවන ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (30) රාත්‍රියේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 33 මිලිග්‍රෑම් 210ක්, හෙරොයින් ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 570ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ඇති බවට සැකකරන රුපියල් 135,500ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් වූ පුද්ගලයා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකු වන අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු මාදම්පිටිය පොලිස් ස්ථානයට භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.



