ප්‍රධාන පුවත්

මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර – ආරක්ෂක අමාත්‍යවරයා

කටුනායක ගුවන්තොටුපළ පරිශයේදී මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.

අද (27) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වන අතර දුබලයන්ට වෙනමත් ප්‍රබලයන්ට වෙනමත් නීතියක් ක්‍රියාත්මක නොවන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, විමර්ශන ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම, ගරුතර මහා සංඝරත්නයේ උපදෙස් සහ අවවාද අනුව කටයුතු කරන අතරම නීත්‍යානුකූල ක්‍රියාමාර්ගද සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියේය.

රජය බලයට පත්වූ දින සිට නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටින බවත්, එවැනි ක්‍රියාකාරකම් සිදු කරන කෙනෙකුගේ තරාතිරම නොසලකා නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කළේය.

මෙම මෙහෙයුම්වල කොටසක් ලෙස කටුනායකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එයට චීවරධාරීන් කිහිප නමක්ද සම්බන්ධ වී ඇති බව හෙළිවී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, එහි ප්‍රතිඵල අනුව නීතිමය පියවර ඉදිරියේදී ගනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button