
විදෙස්
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම පිළිබඳ ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමත් සමඟම පවතින යුද තත්ත්වය අවසන් කිරීම අරමුණු කරගත් නව යෝජනාවක් අමෙරිකා එක්සත් ජනපදයට ඉදිරිපත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම යෝජනාව පකිස්ථාන මැදිහත්කරුවන් මඟින් යොමු කර ඇති බවයි.
එහෙත්, මේ වනතෙක් එම යෝජනාවට අමෙරිකාවෙන් නිල ප්‍රතිචාරයක් ලබාදී නොමැති බව සඳහන් වේ.
ඉදිරියට ගමන් කරමින් පවතින ඉරාන-අමෙරිකානු ගැටුම තවදුරටත් තීරණාත්මක අදියරකට පිවිස ඇති අතර, පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්ඡා අවලංගු වීමත් සමඟ තත්ත්වය තවත් සංකීර්ණ වී ඇත.



