උණුසුම් පුවත්

RMV කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහට ඇප – විදෙස් ගමන් තහනමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ඇප මත මුදාහැරීමට පිලැස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්.අයි. වාසල මහත්මිය අද (20) නියෝග කර ඇත.

ඒ අනුව රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

එසේම, ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර, අදාළ නඩුව මැයි 11 දින නැවත කැඳවීමට නියමිතය.

වාහනයක් ලියාපදිංචි කිරීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කමල් අමරසිංහ මහතා පසුගිය මාර්තු 27 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button