දේශපාලන

නව වසරේ දේශපාලන සැලැස්මක් ගැන මහින්ද රාජපක්ෂ හෙළි කරයි

බලය නැවත ලබාගැනීම සඳහා විශාල දේශපාලන සැලැස්මක් නව වසර තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

දේශපාලනයේ සැලකිය යුතු වෙනසක් ඉදිරියේදී සිදුවන බව සඳහන් කළ ඔහු, එම වෙනසට තම පක්ෂය සූදානමින් සිටින බවද අවධාරණය කළේය. මෙවර මැයි දිනය පොහොය දිනට යෙදී ඇති බැවින් සාම්ප්‍රදායික මැයි දින සැමරුම් නොපවත්වන අතර, ආගමික කටයුතුවල නිරත වීමට තීරණය කර ඇති බවද ඔහු පැවසීය.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ කටයුතු අද (20) යළි ආරම්භ කෙරුණේ මහින්ද රාජපක්ෂ මහතා සහ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට පක්ෂයේ හිටපු සහ වත්මන් මන්ත්‍රීවරුන් ඇතුළු ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, තමන්ට අලුත් අවුරුද්ද සාර්ථක වූ බවක් හැඟී ඇති නමුත් මෙවර ජනතාව අලුත් අවුරුද්ද සාම්ප්‍රදායික ලෙස උත්සවාකාරයෙන් සැමරූ බවක් නොපෙනෙන බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button