
ඉන්දීය උප ජනපති සී.පී. රාධාක්‍රිෂ්ණන් ජනපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගුකාලීන මිත්‍රත්ව සබඳතා තවදුරටත් වර්ධනය කරමින්, දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධාක්‍රිෂ්ණන් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ඇත.
මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු බව වාර්තා වේ.
එහිදී දෙරට අතර දිගුකාලයක් තිස්සේ මුල්බැසගෙන ඇති ඓතිහාසික හා සංස්කෘතික සබඳතා පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් සිදු කර ඇති අතර, “අසල්වැසියාට ප්‍රමුඛතාව” යන ඉන්දියානු ප්‍රතිපත්තිය යටතේ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද අවධානය යොමු කර ඇත.
මීට අමතරව, ඉන්දියාව විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘති සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක ආධාර පැකේජය යටතේ සිදු කෙරෙන වැඩසටහන් පිළිබඳවද, දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.



