ප්‍රධාන පුවත්

පොදු ප්‍රවාහන භාවිතයේදී අමුත්තන්ගේ ආහාර/පාන ගැනීම අනතුරු දායකයි – රු. ලක්ෂ 17කට අධික සොරකමක්

පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ජනතාවට වැදගත් අනතුරු ඇඟවීමක් සමඟ, කෙටි ආහාර හා පාන වර්ග ලබාදී මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අප්‍රේල් 02 වන දින රාත්‍රී, අනුරාධපුර බස් නැවතුම්පලෙන් කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගමන් කළ කාන්තාවන් තිදෙනෙකු, එම බස් රථයේ සිටි නාඳුනන පුද්ගලයෙකු විසින් ලබාදුන් කෙටි ආහාරයක් හා පාන වර්ගයක් භාවිත කර ඇත.

ඒ අනතුරුව කෙටි කාලයක් ඇතුළත ඔවුන් තිදෙනාම සිහිසුන් වී ඇති අතර, එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් සැකකරු විසින් රුපියල් ලක්ෂ 17කට අධික වටිනාකමකින් යුත් මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කර පලා ගොස් තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ අනුරාධපුර පොලිසිය, සැකකරු පසුගිය 17 වන දින සවස පණ්ඩුලගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 54ක් වන සාලියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, නාඳුනන පුද්ගලයින් සමඟ හිතවත්කම් ඇති කරගනිමින්, මත්වන ද්‍රව්‍ය මිශ්‍ර කළ ආහාර සහ පාන ලබාදීම වැනි ක්‍රියාවන් සිදු වන අවස්ථා පවතින බවයි.

ඒ හේතුවෙන්, මෙවැනි පුද්ගලයින්ගෙන් ලබාදෙන ආහාර හෝ බීම වර්ග භාවිතා කිරීමේදී ඉතා සැලකිලිමත් වන ලෙසත්, වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button