
දියේ ගිලෙන දරුවන් බේරාගැනීමට ගිය පියා මියයයි – මිහින්තලයේ අනතුරක්
මරදන්කුලම වැවේ දියේ ගිලෙන දරුවන් බේරාගැනීමට උත්සාහ කරමින් ජීවිතය අහිමි වූ පියාගේ සිදුවීම, අප සමාජයට නැවතත් බරපතළ පණිවිඩයක් ඉදිරිපත් කරයි. මේ වැනි අනතුරු තනි සිද්ධීන් නොව, දින කිහිපයකින් අඛණ්ඩව සිදුවන බිහිසුණු ඛේදවාචක මාලාවක කොටසක් බව දැකිය හැක. මීට දින කිහිපයකට පෙර පියා බේරාගැනීමට වැවට පැන්න පුතුන් තිදෙනා ජීවිතක්ෂයට පත්වීමත්, පෙරේදා දැදුරු ඔයේ දිය නෑමට ගොස් 10 දෙනෙකු අතුරුදන් වී ඉන් 8 දෙනෙකුගේ මෘතදේහයන් සොයාගැනීමත්, මෙම අනතුරු වල බිහිසුණු බව තව තවත් සමාජයට අවධාරණය කරයි.
ජල ආශ්රිත ක්‍රියාකාරකම්වලදී අවශ්‍ය ආරක්ෂක පියවර නොගැනීම, අවධානය නොදක්වීම සහ අනතුරු පිළිබඳ අවබෝධයක් නොමැතිවීම මෙවැනි විනාශකාරී අවසාන ප්‍රතිඵලවලට හේතුවන බව පැහැදිලිය. ජීවිත රැකගැනීම සඳහා දියට පැන්න අයම අවසානයේ ජීවිතය අහිමි කරගැනීම, සමාජයක් ලෙස අපට ඉගෙනගත යුතු දැඩි පාඩමක් වේ.
එබැවින්, දිය නෑමට හෝ ජජලාශ්රිත කටයුතු සිදු කරන සෑම අවස්ථාවකදීම ආරක්ෂාව ප්රමුඛ කරගැනීම, ළමුන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම සහ අවදානම් අවස්ථාවල විශේෂයෙන් සූදානම්ව සිටීම අත්‍යවශ්‍යය. නොඑසේනම්, මෙවැනි වේදනාකාරී සිදුවීම් වලට අපට මුහුණදීමට සිදුවනු ඇත.
මිහින්තලය ප්‍රදේශයේ මරදන්කුලම වැවෙහි සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ඊයේ (17) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 55ක් වන මරදන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් විමර්ශන අනුව, මරණකරු ඔහුගේ මිතුරෙකු සමඟ වැවට ගොස් සිටින අතරතුර, දිය නාමින් සිටි ඔහුගේ පුත්‍රයා සහ තවත් දරුවෙකු දියේ ගිලෙන බව දැක ඇත.
එම අවස්ථාවේ ඔහු එම දරුවන් බේරාගැනීමේ උත්සාහයකින් වැවට පැන ඇති අතර, එහිදී දියේ ගිලී අනතුරට ලක්ව තිබේ.
කෙසේ වෙතත්, වයස අවුරුදු 11 සහ 12 අතර දරුවන් දෙදෙනාට අනතුරක් සිදුවී නොමැති බව සඳහන් වේ.
මරණකරුගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.



