
කස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමියෙන් ඉවත්වීමට අධිකරණ නියෝගයක්
කස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමියෙන් ඉවත්වීමට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
කස්සප හිමි ඇතුළු පිරිසට අධිකරණ නියෝගයක්
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ සත්‍යග්‍රහයක නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදාළ පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ IX පරිච්ඡේදයේ 106 (1) වගන්තිය යටතේ මහජන පීඩාවක් ඇතිවීම වැළැක්වීම සඳහා නිකුත් කරන තාවකාලික ආඥාවක් ලෙස මෙම නියෝගය ක්‍රියාත්මක වේ.
ඒ අනුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ උදිත නිශාන්ත යන අය සමඟ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට හා අනෙකුත් පුද්ගලයන්ට පූජා භූමිය තුළ ඉදිකර ඇති තාවකාලික කූඩාරම් ඉවත් කර අද පස්වරු 2.00 වන විට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස මීට පෙර දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, එම දැනුම්දීම නොතකා පිරිස තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටිමින් විරෝධතාව සහ සත්‍යග්‍රහය පවත්වාගෙන යන බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.
එමෙන්ම රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ට බාධා වන අයුරින් මෙම විරෝධතාව පැවැත්වෙන බවට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
අධිකරණ නියෝගයට අනුව රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් අදාළ පිරිස ඉවත් විය යුතුය.
තවද එම ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්මාරකවලට කිසිදු හානියක් හෝ අලාභයක් සිදු නොකළ යුතු බවත්, ඉදිකර ඇති තාවකාලික කූඩාරම් ඉවත් කළ යුතු බවත් නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.
මහේස්ත්රාත්වරයාගේ නියෝගයට අනුව අධිකරණය විසින් වෙනත් ආකාරයකින් නියම කරනු ලබන තෙක් අද සිට දින 14ක කාලයක් මෙම ආඥාව බලාත්මකව පවතිනු ඇත.



