
ප්‍රධාන පුවත්
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක් – ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වෙයි.
මෙම සිද්ධිය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේදී පිටිගල පොලිස් වසමේ බඹරවාන උස්බීම් ජනපදය ප්‍රදේශයේ “ඩීජේ වත්ත” නමින් හඳුන්වන ස්ථානයේදී සිදුව ඇති බව සඳහන්ය.
තොරතුරු අනුව, එම ස්ථානයේ කිසියම් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු දැනුම්දීමක් මත සම්පත් අතුකෝරළ මහතා එහි ගොස් ඇත. එම අවස්ථාවේදී පුද්ගලයෙකු විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ අතුකෝරළ මහතා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාගත් පසු පිටව ගොස් ඇති බව ද වාර්තා වේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.



