
ප්‍රධාන පුවත්
ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි – අප්‍රේල් 28 දක්වා රිමාන්ඩ්
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර්බස් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (17) ප්‍රතික්ෂේප කර ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම තීරණය ලබා දී තිබේ.
ඒ අනුව, සැකකරු ලබන 28 වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට අධිකරණය නියෝග කර ඇත.



