උණුසුම් පුවත්

ඉන්දියාවේ ප්‍රවීණ ගායිකා අභාවප්‍රාප්ත වෙයි – වයස 92යි

ඉන්දියානු සංගීත ලෝකයට අමිල සේවාවක් කළ, පරම්පරා ගණනාවක් රසිකයන්ගේ හදවත දිනාගත් ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ ගේ අභාවය, කලා ලෝකයට පිරිමැසුමක් නොවන හිඟයක් ලෙස සැලකේ.

නූතන ඉන්දියානු සංගීතයේ විශිෂ්ටම ගායිකාවන්ගෙන් එක් අයෙකු ලෙස සැලකෙන ජනප්‍රිය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවිසැරිය නිම කර ඇත. මියයන විට ඇය වයස අවුරුදු 92ක් වූවාය.

හෘදයාබාධ හා ශ්වසන ආබාධ හේතුවෙන් ඇය ඊයේ (11) මුම්බායි නගරයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, එදින රාත්‍රියේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබේ. ඉන් අනතුරුව අද (12) උදෑසන ඇය අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඇයගේ අවසන් කටයුතු අද සවස 4ට මුම්බායිහි ශිවාජි උද්‍යානයේදී සිදු කිරීමට නියමිතය.

1933 දී සංගීත පවුලක උපත ලැබූ ඇය, ලෝක ප්‍රසිද්ධ ගායිකා ලතා මන්ගෙශ්කාර්ගේ කනිෂ්ඨ සහෝදරිය වූවාය. වයස අවුරුදු 9 දී වෘත්තීය ගායනයට පිවිසි ඇය, 1943 වසරේදී තම ප්‍රථම චිත්‍රපට ගීතය පටිගත කළාය.

1950 දශකයේදී බොලිවුඩ් සිනමා සංගීතයේ තමාටම අනන්‍ය ස්ථානයක් සොයාගත් ඇය, දශක ගණනාවක් පුරා සංගීත අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රියතම ගායිකාවක් ලෙස කටයුතු කළාය.

මුල් කාලයේ නර්තන ගීත සඳහා ප්‍රසිද්ධ වූවත්, පසුව “Ghazal” වර්ගයේ ගීත ඇතුළු ගැඹුරු හා ශාස්ත්‍රීය ගායනයෙන් ඇයගේ විශිෂ්ට හැකියාව ලෝකයට පෙන්වා දුන්නාය.

ඇයගේ සංගීත ජීවිතය තුළ, හොඳම පසුබිම් ගායිකාව සඳහා වන  FILMFARE AWARD FOR BEST FEMALE PLAYBACK SINGER සම්මානය 7 වතාවක් දිනාගෙන ඇති අතර, ජාතික සිනමා සම්මාන ද දෙවරක් දිනා ගැනීමට සමත් වී ඇත.

ගේ අභාවය, ඉන්දියානු සහ ලෝක සංගීත ක්ෂේත්‍රයට මහත් පාඩුවක් ලෙස සැලකේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button