
උණුසුම් පුවත්
ඉරානය–අමෙරිකා සටන් තත්ත්වයට විරාමයක්? ට්රම්ප් සති 2ක ceasefire යෝජනාවක් ඉදිරිපත් කරයි
ඉරානය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වයට තාවකාලික විරාමයක් ලබාදීමේ අරමුණින්, අමෙරිකානු ජනාධිපති Donald Trump විසින් සති දෙකක සටන් විරාමයක් යෝජනා කර තිබේ.
ඔහු මෙම නිවේදනය ප්රසිද්ධ කර ඇත්තේ තම Truth Social ගිණුම ඔස්සේය.
මෙම ceasefire යෝජනාව ක්රියාත්මක කිරීම සඳහා, ට්රම්ප් විසින් විශේෂ කොන්දේසි කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ. එහි ප්රධානතම කොන්දේසිය වන්නේ Strait of Hormuz සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීම සඳහා ඉරානය එකඟ වීමයි.
මෙම යෝජනාව “දෙපාර්ශවික සටන් විරාමයක්” ලෙස හඳුන්වා දී ඇති අතර, ඒ යටතේ අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ගුවන් ප්රහාර සහ බෝම්බ ප්රහාර සති දෙකක කාලයක් තුළ අත්හිටුවීමට සූදානම් බවද සඳහන් වේ.
මෙය ක්රියාත්මක වන්නේ ඉරානයද එම කොන්දේසි පිළිගෙන සමාන ක්රියාමාර්ග ගන්නා පරිදි බවට අවධාරණය කර ඇත.




