උණුසුම් පුවත්

රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි මිල ඉහළට – අද මධ්‍යම රාත්‍රියේ සිට රු.20ක වැඩිවීමක්

අර්බුදකාරී වාතාවරණය හමුවේ ඊයේ දින ගෑස් මිල ඉහල යාමත් සමග මෙරට ආහාර පාන වල මිලද පිම්මේ ඉහල යාමක් දක්නට ලැබේ ඒ අනූව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි වැනි ජනප්‍රිය ආහාර වර්ගවල මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ප්‍රකාශ කළේ, ගෑස් මිල ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට සැලකිය යුතු ලෙස ඉහළ යාම මෙම මිල වැඩිවීමට ප්‍රධාන හේතුව බවයි.

ඒ අතරම, පොල්තෙල් මිල පහළ යාම නිසා කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10කින් අඩු කිරීමටද තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නව මිල සංශෝධනය අද සිට දිවයින පුරා බොහෝ ආපනශාලාවල ක්‍රියාත්මක වනු ඇතැයිද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button