කාලගුණය

අද කාලගුණ අනාවැකිය: ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ වැසි

 

අද කාලගුණ අනාවැකිය අනුව ඔක්තෝබර් 11 වැනිදා පස්වරු 1.00න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවන තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතී. එසේම ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලද ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින් ඒවායින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

මෙම කාලගුණ අනාවැකිය 2026 ඔක්තෝබර් 11 වැනිදා පෙරවරු 5.30ට නිකුත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button