ප්‍රධාන පුවත්

ඥානසාර හිමි වෙනුවෙන් පාගමනේ දෙවන දිනය අද

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් ආරම්භ කළ ඥානසාර හිමි වෙනුවෙන් පාගමන අද (11) දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ.

මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සංවිධානය කර ඇති මෙම පාගමන ඊයේ (10) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ කෙරිණි. එය “සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව” ලෙස නම් කර තිබේ.

පාගමනේ පළමු දිනය ඊයේ පස්වරුවේ කඩුගන්නාව ප්‍රදේශයෙන් අවසන් කර ඇති අතර, අද එම ස්ථානයේ සිට නැවත ගමන් ආරම්භ කිරීමට නියමිතය.

කෑගල්ල, වරකාපොල, නිට්ටඹුව සහ කඩවත යන නගර පසුකරමින් ඉදිරියට ගමන් කරන මෙම පාද යාත්‍රාව එළැඹෙන 15 වැනිදා කොළඹට ළඟා වීමට නියමිත බව පූජ්‍ය උලපනේ සුමංගල හිමි ප්‍රකාශ කළහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button