
ඥානසාර හිමිට සමාව ලබාදීමට හේතුව රනිල් වික්‍රමසිංහ හෙළි කරයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව ලබාදීමට තීරණය කිරීමට බලපෑ ප්‍රධාන කරුණ වූයේ උන්වහන්සේ සිරගත කිරීමෙන් පසු මතුවූ ආගමික හා විනය පිළිබඳ ගැටලුව බවයි.
කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ නීතිඥවරුන් සමඟ පැවැති හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඥානසාර හිමියන්ට එරෙහිව ලබාදුන් සිරදඬුවමෙන් අනතුරුව ඇතිවූ තත්ත්වය සහ ජනාධිපති සමාව ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඔහු කරුණු පැහැදිලි කළේය.
ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකළ ක්‍රියාව සහ ඒ සම්බන්ධයෙන් ගත් නීතිමය පියවර පිළිබඳව අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.
“ඥාණසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් උසාවියට පැමිණ බාධා කරනු ලැබුවා. එවිට එතැන හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක ඒ ගැන ක්‍රියා කරන්න දැනුම් දීම කළා. අභියාචනාධිකරණය හාමුදුරුවන්ට සිරදඬුවම දුන්නා.
එදා හාමුදුරුවන් බන්ධනාගාරයට යවද්දී සිවුර ඉවත් කළේ නැහැ. මේ ගැන තලතා අතුකෝරළ එවකට අධිකරණ ඇමතිනිය කොටපිටියේ රාහුල හාමුදුරුවන්ට යැව්ව ලිපිය මා ළඟ තිබෙනවා. ලිපියේ සිවුර ඉවත් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා තිබුණි. අවුරුද්දක් ගියාට පසු ඇතැම් සංඝයා වහන්සේලා මාව හම්බවෙලා කිව්වා ‘දැන් ඉතින් කොහොමත් ඥාණසාර හාමුදුරුවන්ට අපේ ආශ්‍රයේ වැඩකටයුතු කරන්න සිදුවෙනවා. අනෙක සිවුර අරින එක බලන්නේ අපරාධ නඩුවලදී පමණයි. පාරාජිකා තත්ත්වයට පත්වුණාම සිවුර අයින් කරන්න පුළුවනි. ඒක ප්‍රශ්නයක් නොවෙයි. ඒත් උසාවියට බාධා කිරීම, අවනම්බු කිරීම ඇත්ත වශයෙන්ම පාරාජිකා ක්‍රියාවක් නොවෙයි කියාත් ස්වාමීන් වහන්සේලා මා සමග පැවසුවා.
සංඝයා වහන්සේලා මෙසේත් කියා සිටියා,
සාමාන්‍යයෙන් එහෙම එකක් සිදුවුණා නම් ඒ සංඝයා වහන්සේ කැඳවා, අවවාද කර අදාළ නිකාය නැතිනම් පාර්ශවයේ කාරක සභා වලින් පසු භාවනා කරන්න හරි අප කල් දෙනවා. මේ අනුව තමයි කරන්නේ. පාරාජිකා නොවන කාරණයකට සිවුර ඉවත් කළොත් එය විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා 9 වැනි වගන්තියට පටහැනියි බුද්ධාගම ආරක්ෂා කිරීම ලෙස තිබු එක 1972 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා බුද්ධ ශාසනය ලෙස කපා සංශෝධනය කළා යයිද සංඝරත්නය වැඩිදුරටත් මට සිහිපත් කර සිටියා.
මා කිව්වේ මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා බුද්ධාගම, බුද්ධ ශාසනය ආදී ලෙසයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක කතා කරන්න. එතුමාට තමයි ජනාධිපති ලෙස මේ වගකීම තිබෙන්නේ. ඒ අය ගිහින් එතුමා එක්ක කතා කළා. අප අතරත් සාකච්ඡා වුණා, අපත් එතුමාත් එක්ක කතා කළා. අවුරුද්දක් ගියාට පසු හාමුදුරුවන්ගේ සිවුර ගලවා බන්ධනාගාරයට යවනවාද, නැතිනම් අවුරුද්ද ගිය දඬුවමක් දුන්න නිසා සමාව දී පිට කරනවාද? හැමදාම හාමුදුරුවන් මේ තත්ත්වයේ තියාගන්න බැහැනේ. කවුරු හරි මේක ප්‍රශ්න කරයි.
එතුමාගේ තීරණය වුණේ දැන් අවුරුද්දක් ගත කළා, සමාව දී පිට කරමු කියලායි. ඒ අනුව තමයි සමාව දුන්නේ. ඒ ගැන ඉස්සෙල්ලා අප අතර කතා කළා මේකයි හොඳම එක කියා කැබිනට් එකේදීත් කතා කළා. අගමැති ලෙස අනෙක් ඇමතිවරුන් ගණනාවක් එක්ක කතා කර මෙහෙමයි මේක කරන්න ඕනෑ කියා මා ප්‍රකාශ කළා. බන්ධනාගාරයේ සිටියද සිවුර අයින් කළොත් ඔක්කොම අපේ ඇඟ උඩට දමයි. ඒ නිසා සමාව දෙන්න තීරණයා කළා. ඒ අනුව තමයි සමාව දුන්නේ. ඒක දුන්නේ නව වැනි වගන්තිය යටතේයි.
මා කාටවත් සමාව දුන්නේ නැහැ. ඒත් සාමාන්‍යයෙන් නිදහස් දිනයේ, වෙසක් දිනයේ එහෙම සිරකරුවන්ගේ කාලසීමාව අඩු කර නිදහස් කරනවා. ඒවාට හේතු දුන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා වුණේ ලේකම්තුමා ඇවිල්ලා මොකක්ද කරන්නේ වෙසක් එකට කියා අහනවා.
විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ’පුළුවන් තරම් පිට කරන්න, මේක පිරිලා තිබෙන්නේ, තව ගන්න බැහැ කියලයි. මා කිව්වේ විජයදාස රාජපක්ෂ ඇමතිතුමාට කතා කර පුළුවන් හැම කෙනාටම සමාව දෙන්න කියලයි. මා වාචිකව කිව්වා මිස වෙන මොකුත් ලියන්න ගියේ නැහැ. වෙසක් දිනයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එහෙම කළා. මේක විතරක් නොවෙයි, ඇත්ත වශයෙන්ම අනෙක් කරුණුවලදී ද අප හේතු ලියන්නේ නැහැ.
එංගලන්තයේ එක එක හේතු ලියනවා. හුඟක් රටවල්වල එහෙම නැහැ. අප කතා කරන්නේ ලේකම් සමගයි. දැන් ලේකම්ට හැන්ඩ්ෆෝන් එකෙන් කතා කරන්න පුළුවනි. අනෙක් අය ඊමේල් දානවා, මේගොල්ලෝ අද ඔක්කොම ඊමේල් කරනවානේ? එහෙම යනවිට මිනිට් (සටහන්) තියාගන්න එක ප්‍රශ්නයක් වෙනවා. AI ඇහුවාම මොනවා වෙයිද කියා මා දන්නේ නැහැ. මා දන්නවා අනෙක් රටවල්වලත් සටහන් තියන්නේ නැහැ. මා නම් ඒක කර නැහැ, අගමැති හැටියටවත් සටහන් තබා නැහැ. සාම ගිවිසුමේ මා මිනිට් (සටහන්) තැබුවා කරුණා අප සමග ඉන්නවද?
ඉන්දියාවේ අග්රවිනිශ්චයකාරවරයා සම්බන්ධයෙන් මෙතැන ප්‍රශ්නයක් ඇහුවා.
ඉන්දියාවේ අග්රවිනිශ්චයකාරතුමාට ‘දලිත්’ කියා පහත් විදියට බැනලයි සපත්තුවෙන් ගැහුවේ. නිකන් සපත්තුවෙන් ගැහුවේ නැහැ, දලිත් කියා ගැහුවා. ඒ කුලය මතක් කරලයි. ඉන්දියාවේ හුඟක් වෙලාවට අවවාද කරනවා, නැතිනම් මාසයක් විතර තියාගෙන පිට කරනවා.
ප්රශ්නය නිසා අනෙක් ආගම්වලට හානියක් වුණේ නැහැ. මේ ප්රශ්නය නිසා ඥාණසාර ස්වාමීන් වහන්සේට දඬුවමක් දුන්නා. ඊට පසුව ඇති වු ප්රශ්නය වූයේ විනය කඩ කර සිවුර අයින් කරනවාද, විනය ආරක්ෂා කර පිට කරනවාද යන්නයි. මෙය ආගමික ප්‍රශ්නයක් වනවා. මෙතැනදී බෞද්ධ මතය ප්‍රකාශ වුණා. ඒ බහුතරයේ මතයයි. කොහොමද ඒකට විරුද්ධව CPA යන්නේ? මේවට නම් අපට සහයෝගය දෙන්න බැහැ. මේක හරි නැහැ. ඒක වැරදියි. මේක ආගමික ප්‍රශ්නයක් වෙලා.
උන්වහන්සේට දඬුවම් නොකෙරුවා නම් ඒක වෙන එකක් වනවා. නැතිනම් නඩු තීන්දුව දුන්න දවසේම සමාව දුන්නා නම් වෙනත් තත්ත්වයක් ඇති වෙනවා. නමුත් මේකෙන් පසුව ආවේ ආගමික සහ විනය පිටකය පිළිබඳ ප්‍රශ්නයක්.”
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයට අනුව, ඥානසාර හිමියන්ට සිරදඬුවම ලබාදීමෙන් පසු උන්වහන්සේගේ පැවිදි තත්ත්වය සහ ආගමික විනය සම්බන්ධයෙන් මතුවූ ගැටලු පිළිබඳව සංඝයා වහන්සේලා සමඟ සාකච්ඡා පැවැත්වී තිබේ.
එම සාකච්ඡාවලින් අනතුරුව එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කළ බව ඔහු සඳහන් කළේය. වසරක කාලයක් සිරදඬුවම විඳීමෙන් පසු තවදුරටත් පැවිදි තත්ත්වය සම්බන්ධ ගැටලුවක් ඇතිවීම වැළැක්වීම සඳහා සමාව ලබාදී නිදහස් කිරීමට තීරණය කළ බව ද ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.
එම තීරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ ද සාකච්ඡා කළ බවත්, අග්‍රාමාත්‍යවරයා ලෙස අනෙකුත් අමාත්‍යවරුන් සමඟ ද අදහස් හුවමාරු කරගත් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති සමාව ලබාදීමේදී හේතු ලිඛිතව සටහන් කිරීම සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළේය. නිදහස් දිනය සහ වෙසක් දිනය වැනි අවස්ථාවලදී සිරකරුවන් නිදහස් කිරීමේදී සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියාපටිපාටි පිළිබඳව ද ඔහු එහිදී කරුණු දැක්වීය.
අවසානයේදී ඔහු අවධාරණය කළේ ඥානසාර හිමියන්ට දඬුවම් ලබාදීමෙන් පසු මතුවූ ගැටලුව හුදෙක් නීතිමය කාරණයකට සීමා නොවූ බවයි. එය බෞද්ධ ආගමික විනය සහ පැවිදි තත්ත්වය සම්බන්ධ ප්‍රශ්නයක් බවට පත්වූ බැවින් සමාව ලබාදීමේ තීරණය ගත් බව ඔහු පැහැදිලි කළේය.



