
ප්‍රධාන පුවත්
මීගමුවේ අන්තර්ජාල මුදල් වංචා ජාලයක් වටලයි – චීන්නු 16ක් හා කාම්බෝජයේ 2ක් අත්අඩංගුවට
මීගමුව ප්‍රදේශයේ සිට අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා සිදුකරමින් සිටි බවට සැක කෙරෙන විදේශීය පුද්ගලයින් 18 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී චීන ජාතිකයින් 16 දෙනෙකු සහ කාම්බෝජ ජාතිකයින් දෙදෙනෙකු ඇතුළත් බව සඳහන් වේ.
මීගමුව පොලිසිය ඊයේ (27) සිදුකළ විශේෂ වැටලීමකදී, එම සැකකරුවන් මීගමුවේ පිහිටි ලැඟුම්හලක රැඳී සිටින අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත. එම ස්ථානයෙන් පරිගණක සහ අනෙකුත් විද්‍යුත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, 2026 අප්‍රේල් 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මීගමුව පොලිසිය විසින් පරීක්ෂණ පවත්වමින් පවතී.



