
යුද්ධ සහ ගැටුම්
සෞදි Prince Sultan ගුවන් කඳවුරට ඉරාන ප්‍රහාරය – ඇමෙරිකානු සෙබළුන්ට තුවාල
සෞදි අරාබියේ අල් කර්ජ් ප්‍රදේශයේ පිහිටි Prince Sultan ගුවන් කඳවුර ඉලක්ක කරමින් ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරය හේතුවෙන් ඇමෙරිකානු හමුදාවේ සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ඇමෙරිකානු හමුදා උසස් නිලධාරියෙකු තහවුරු කර තිබේ.
පෙබරවාරි 28 සිට ආරම්භ වූ ඉරානයට එරෙහි ගැටුම් කාලය තුළ, ඉරාන ප්‍රහාර හේතුවෙන් ඇමෙරිකානු සෙබළුන් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇත. එම තුවාල ලැබූවන් අතරින් 273 දෙනෙකු මේ වනවිට යළි රාජකාරිවලට එක්ව ඇති බවත් වාර්තා වේ. එමෙන්ම, මෙම ගැටුම් සමයේදී ඇමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන් වේ.



