ප්‍රධාන පුවත්

ඉන්ධන ප්‍රවාහනය හෙට සිට සාමාන්‍ය පරිදි – ගාස්තු 25% ඉහළ දැමීමට එකඟතාව

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ, හෙට (28) සිට ඉන්ධන ප්‍රවාහන කටයුතු යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට නියමිත බවයි.

මෙම තීරණයට හේතුව වී ඇත්තේ නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු සියයට 25කින් වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වීමයි.

අද (27) දින පැවැති සාකච්ඡාවකදී ටැංකි රථ හිමිකරුවන් සහ සංස්ථාවේ උසස් නිලධාරීන් අතර මෙම එකඟතාවට පැමිණ තිබේ.

එම අවස්ථාවේදී සංගමය විසින් යෝජනා හතරක් ඉදිරිපත් කර ඇති අතර, ඒවා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා ලබන අඟහරුවාදා (31) තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි මහතා සඳහන් කළේය.

“අපි යෝජනා හතරක් ඉදිරිපත් කරලා තිබ්බා. ඒ යෝජනා හතර සඳහා සාධනීය විසඳුමක් ලබාදීමට පොරොන්දු වුණා. අපිට අවශ්‍ය මිල සූත්‍රය යාවත්කාලීන කරගන්න අවශ්‍යතාවක් තිබුණා. ඒ ගැන අඟහරුවාදා උදේ 10.30ට රැස්වීමක් තිබෙනවා. ඒ රැස්වීමේදී මේ ගැන අවසන් තීරණයක් ගන්න තීරණය කළා.

නගරාන්තර ගාස්තුව සියයට 25කින් වැඩි කරලා ඉල්ලුවා. අපිට ඒක ලබාගන්න පුළුවන් වුණා. ඒක නිසා දැනට මිල සූත්‍රය අප්ඩේට් කරන එක අඟහරුවාදා උදේ වෙනකම් කල් ගිහින් තියෙනවා. සාකච්ඡාවේදී සාධනීය විසඳුමක් ලබා දෙන විශ්වාසය අපිට ආපු නිසා අපි සංගම් දෙකම ඒකමතිකව තීරණය කළා හෙට උදෑසන සිට නැවත බෙදාහැරීම් කටයුතු සිදු කරන්න. 

ප්‍රමාදවෙලා තිබුණ මිල සූත්‍රය යාවත්කාලීන කරගැනීම තමයි අපේ එකම අරමුණ වෙලා තිබ්බේ. ඒකත් එක්ක නගරාන්තර ගාස්තු වැඩි කරගැනීමට අවස්ථාවක් තිබ්බා. ඒකත් අපි යෝජනා කළා. සංගමයක් විදිහට බෙදාහැරීමේ කටයුතු කරද්දී ගැටලු කිහිපයකුත් අපි ඉදිරිපත් කළා. එහිදී නගරාන්තර ගාස්තු විදිහට 25ක් දෙන්න පොරොන්දු වුණා.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button