ප්‍රධාන පුවත්

මෙරට ප්‍රධාන ජලාශවල ජල මට්ටම් තත්ත්වය 2026 – සමස්ත ධාරිතාව 76% ඉක්මවයි

ශ්‍රී ලංකාවේ  ප්‍රධාන ජලාශවල වත්මන් ජල මට්ටම් පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම තොරතුරු අනුව, එම දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ 73ක සමස්ත ජල පරිමාව සියයට 76.47ක් ලෙස වාර්තා වේ.

දිස්ත්‍රික් මට්ටමින් බැලූවිට, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ 10ක ජල ධාරිතාව සියයට 92.01ක් ලෙස ඉහළ මට්ටමක පවතින අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 7ක එම අගය සියයට 94.93ක් ලෙස සටහන් වේ. එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජලාශ 5ක සියයට 95.62ක් ද ජල පරිමාවක් පවතින බවද සඳහන් වේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශ 4ක ජල පරිමාව සියයට 91.03ක් වන අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ජලාශ 3ක සියයට 92.47ක් ලෙස වාර්තා වී ඇත. පොළොන්නරුවේ ජලාශ 4ක සියයට 86.55ක් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ජලාශ 3ක සියයට 80.17ක් ලෙසද ජල මට්ටම් පවතින බව වාර්තා වේ.

අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 9ක ජල ධාරිතාව සියයට 61.84ක් වන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 10ක එය සියයට 75.14ක් ලෙස දැක්වේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 2ක සියයට 72.25ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජලාශ 10ක සියයට 76.45ක් ලෙස ජල පරිමාව වාර්තා වී ඇත.

අඩුම ජල මට්ටම් වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජලාශ 2ක වන අතර එය සියයට 55.98ක් ලෙස සටහන් වේ. මන්නාරම දිස්ත්‍රික්කයේ ජලාශ 4ක ජල පරිමාව සියයට 59.97ක් ලෙසද වාර්තා වී ඇත.

සමස්තයක් ලෙස බැලූවිට, රට පුරා බොහෝ ජලාශවල සතුටුදායක ජල මට්ටම් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button