ප්‍රධාන පුවත්

අනෝජන් සිවරාසාගේ අභියාචනය සකස් කර අවසන්

අනෝජන් සිවරාසාගේ අභියාචනය සකස් කිරීමේ කටයුතු නීති කණ්ඩායම විසින් අවසන් කර තිබේ. සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් සිවරාසා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත මෙම අභියාචනය, ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කඩිනමින් ගොනු කිරීමට අපේක්ෂා කෙරේ.

ඉස්ලාම් දහමට අපහාසයක් වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ බවට එල්ල වූ චෝදනා මත අනෝජන් සිවරාසාට සෞදි අරාබියේ අභියාචනාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

කෙසේ වෙතත්, මෙම තීන්දුවට පෙර එරට පහළ අධිකරණයක් විසින් ඔහුට වසර පහක සිර දඬුවමක් නියම කර තිබූ බව සඳහන් වේ.

පසුව රජයේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව, අභියාචනාධිකරණය මඟින් පෙර තීන්දුව වෙනස් කර මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button