ප්‍රධාන පුවත්

යල කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවක්

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් එම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව, අදාළ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අද පස්වරු 12.30 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

අනතුරුව එය අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button