උණුසුම් පුවත්

ආචාර්ය හාන්ස් විජේසූරියගේ නායකත්වයෙන් බලශක්ති ආර්ථික සංවර්ධනයට විශේෂඥ කමිටුවක්

බලශක්ති ආර්ථිකය ශක්තිමත් කරමින් ජාතික ආර්ථිකයේ තිරසර වර්ධනයක් ඇති කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වන අතර, එහි සභාපතිත්වය භාරගැනීමට නියමිතව ඇත්තේ ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාය.

රජය අනුව, දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය ඉලක්ක කරගනිමින් නව්‍ය සහ අනාගත දෘෂ්ටියකින් යුතු ප්‍රවේශයන් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම වැදගත් බව අවධාරණය කරයි. ඒ අනුව, බලශක්ති ආර්ථිකය ජාතික සංවර්ධනයේ ප්‍රමුඛ අංශයක් ලෙස හඳුනාගෙන තිබුණද, වෙනත් ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර සමඟ ඇති දුර්වල සම්බන්ධතාවය හේතුවෙන් ආයෝජන ආකර්ෂණය අඩු වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සියලු ආර්ථික අංශ එකට සම්බන්ධ වන ඒකාබද්ධ සංවර්ධන රාමුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා 2026 අයවැය මඟින් ද අවධාරණය කර තිබේ.

ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති, උපායමාර්ග සහ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය එකිනෙකට අනුකූල වන පරිදි බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය රාමුව සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. මෙම කාර්යය ඉටු කිරීම සඳහා ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

 

විශේෂඥ කමිටුව පහතින්,

ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා – සභාපති
දුමින්ද හුලංගමුව මහතා
ඉංජිනේරු උපුල් අබේසිරිවර්ධන මහතා
ඩී.ජේ රාජකරුණා මහතා
මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා
ඉංජිනේරු පුබුදු නිරෝෂන හැඩිගල්ල මහතා
මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ලේකම්
බලශක්ති අමාත්‍යාංශය ලේකම්
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ලේකම්
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ලේකම්
කර්මාන්ත ව්‍යවසායකත්ව අමාත්‍යාංශ ලේකම්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button