
ප්‍රධාන පුවත්
චාමර සම්පත්ට එරෙහි දූෂණ නඩුව අප්‍රේල් 30ට කැඳවීමට නියෝග
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනුකර ඇති දූෂණ චෝදනාවක් සම්බන්ධ නඩුව, අප්‍රේල් මස 30 වනදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ සලකා බැලීමට ගෙන ආවේය.
නඩුවට අදාල කරුණු විමර්ශනයෙන් පසු, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා එය අප්‍රේල් 30 වනදාට කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.



