උණුසුම් පුවත්

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ඩ්‍රෝන ප්‍රහාරයක් – ඉන්ධන ටැංකියකට ගින්නක්

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්න ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් ඉන්ධන ටැංකියක් ගිනිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම ප්‍රහාරය හේතුවෙන් ඉන්ධන ටැංකියක් ගිනිගත් අතර, ගින්න පාලනය කිරීම සඳහා එරට බලධාරීන් සහ සිවිල් ආරක්ෂක කණ්ඩායම් මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් වේ.

සිද්ධියෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවත්, ගින්න මැඩපැවැත්වීම සඳහා අදාළ අංශ අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button