ප්‍රධාන පුවත්

කොටදෙණියාවේ හෙරොයින් ග්‍රෑම් 225ක් සහ අයිස් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කොටදෙණියාව ප්‍රදේශයේ සිදු කළ පොලිස් වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, කොටදෙණියාව හපුවලාන ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදු කළ විශේෂ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 225ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 165ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි හපුවලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොටදෙණියාව පොලිසිය විසින් සිදු කරමින් පවතී.

මේ අතර අහුංගල්ල ගමකරන වත්ත ප්‍රදේශයේදී සිදු කළ තවත් වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 261යි මිලිග්‍රෑම් 620ක් සමග 22 හැවිරිදි පුද්ගලයෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button