ප්‍රධාන පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැක පන්නිපිටියේ රු. කෝටි 3ක දේපොළක් තාවකාලිකව ක්‍රියා විරහිත කරයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදාගෙන මිලදී ගෙන ඇතැයි සැක කරන රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමක් ඇති දේපොළක් තාවකාලිකව ක්‍රියා විරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.

 

විදෙස්ගතව සිටියදී අත්අඩංගුවට ගෙන පසුගියදා මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් මුදල් භාවිත කරමින් ඔහුගේ දියණියගේ නමින් දේපොළක් මිලදීගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබුණි.

 

විමර්ශන ක්‍රියාවලිය තුළදී එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදාගෙන මිලදී ගෙන ඇති බවට සැක කරන පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් සහිත ඉඩමක් හඳුනාගැනීමට විමර්ශකයින්ට හැකිවී ඇත. එම දේපොළේ වටිනාකම රුපියල් කෝටි 3කට ආසන්න බවද වාර්තා වේ.

 

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ 2026 මාර්තු 05 වනදා සිට දින 07ක කාලයක් සඳහා එම දේපොළ ක්‍රියා විරහිත කිරීමට නියෝග නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

සිද්ධිය සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button