
ව්‍යාපාරික
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
බොරතෙල් මිල ලෝක වෙළෙඳපොළේ නැවතත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයට ලබාදී තිබූ සාම ගිවිසුම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඇති වූ තත්ත්වය මෙම මිල ඉහළ යාමට බලපා ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93.47ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එය පෙර අගයට සාපේක්ෂව 1.08%ක ඉහළ යාමක් ලෙස සටහන් වේ.
මේ අතර, Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 105ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි මිල ඉහළ යාම 1.60%ක් ලෙස දැක්වේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්රිත තත්ත්වය සහ ඉන්ධන සැපයුම පිළිබඳ අවිනිශ්චිතතාව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කෙරෙහි අවධානය යොමුව තිබේ.



