
ඩැරින්ගෙන් ශ්‍රී ලංකාවට Powerlifting ලෝකඩ පදක්කමක්
ඩැරින් Powerlifting ලෝකඩ පදක්කම දිනා ගනිමින් 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය Powerlifting ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණයක් හිමි කර දී තිබේ.

කැනඩාවේ Winnipeg නුවරදී සැප්තැම්බර් 19 සිට 27 දක්වා පැවති මෙම ශූරතාවලිය International Powerlifting Federation (IPF) විසින් සංවිධානය කර තිබුණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000කට වැඩි පිරිසක් මෙවර තරගාවලියට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකු තරගාවලියට සුදුසුකම් ලබා තිබුණද, වීසා සම්බන්ධ ගැටලු හේතුවෙන් ප්රමුඛ පෙළේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ඊට සහභාගී වීමට නොහැකි වී තිබේ.
ඒ අනුව ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් තරගාවලියට එක්ව ඇති අතර, එම කණ්ඩායමේ නායකත්වය ඩැරින් විසින් දරනු ලැබීය.
අධික තරගකාරීත්වයකින් පැවති සිය බර පන්තියේදී දක්ෂතා දක්වමින් ඩැරින් Powerlifting ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා ගැනීමට සමත් විය.
මෙවර ශූරතාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩකයන් අතර Uvindu Jayasinghe, Susitha Suraweera සහ Rashitha De Silva ද සිටිති.
ශ්‍රී ලංකා Powerlifting කණ්ඩායමේ වත්මන් නායකයා වන ඩැරින් ජාත්‍යන්තර තරගාවලි 13කට වැඩි සංඛ්‍යාවකදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.
2019 වසරේ කැනඩාවේදී Commonwealth Champion බවට පත්ව ඇති ඔහු, 2024දී දකුණු අප්‍රිකාවේ පැවති Masters IPF World Championship හිදී World Champion ලෙසද ජයග්‍රහණය කර තිබේ.
එමෙන්ම 2025 වසරේ ජපානයේ Himeji හි පැවති තරගාවලියේදී Asian Silver Medallist බවටද ඩැරින් පත්විය.
ඒ අනුව Winnipeg හිදී හිමි කරගත් මෙම ලෝකඩ පදක්කම ඔහුගේ ජාත්‍යන්තර Powerlifting ක්‍රීඩා දිවියේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සටහන් වේ.



