
පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ඇතුළු නව පහසුකම්
පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමේදී නිවසට ආසන්න ප්‍රදේශවල සේවය කිරීමට අවස්ථාව සැලසෙන පරිදි විධිමත් ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බව ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව ක්‍රමවේදය යටතේ නිලධාරීන්ට තම නිවසට ආසන්න ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබාගැනීමට හැකියාව සැලසෙනු ඇත.
“අරන් තියෙනවා. විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් මේ වෙනකොට සකස් කරමින් තියෙනවා. ඉදිරියේදී එවැනි ස්ථාන මාරුවීම් ක්‍රමයක් හරහා නිවසට ආසන්න ප්‍රදේශවලට ස්ථාන මාරු ලබාගැනීමේ ක්රමවේදයකුත් සකස් කරමින් ඉන්නවා.”
මේ අතර පොලිස් නිලධාරීන්ගේ වෘත්තීය දැනුම සහ පුහුණුව තවදුරටත් ඉහළ නැංවීම සඳහා විදේශ පුහුණු අවස්ථා පුළුල් කිරීමටද සැලසුම් කර තිබේ.
පසුගිය වසර දෙක තුළ නිලධාරීන් 1,000කට ආසන්න පිරිසකට විදේශ පුහුණුව ලබාදී ඇති අතර, ඉදිරියේදී තරාතිරම නොසලකා සියලු නිලධාරීන්ට එවැනි පුහුණු අවස්ථා ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බව සඳහන් කර ඇත.
“පසුගිය වසර දෙක පුරාවට 1,000කට ආසන්න ප්‍රමාණයකට විදේශ පුහුණුවීම් ලබා දීලා තියෙනවා. ඉදිරියෙත් මේවා ශක්තිමත් කරලා, තරාතිරම නොබලා මේකට පහළ නිලයේ සිට ඉහළ නිලය දක්වා සියලු දෙනාට විදේශ පුහුණුව ලබා දීම සඳහා ක්රමවේදයකුත් මේ වෙනකොට සකස් කරමින් තියෙනවා. ඒ වගේම 2027 අයවැය ලේඛනය හරහා මේ විශේෂිත රාජකාරී කැපවීම වෙනුවෙන් අවදානම් දීමනාවක් ලබා දීමට මේ වෙනකොට අපි අමාත්‍ය මණ්ඩලය තීන්දු කරලා තියෙනවා. ඒ වගේම ඉදිරි අනාගතයේදී විද්‍යුත් යතුරුපැදි ලබා දීම, ඒ වගේම අනෙකුත් යටිතල පහසුකම් ලබා දීමත්, පොලිස් සේවයේ ගුණාත්මක සංවර්ධනයට ගැලපෙන ආකාරයෙන් පොලිස් නිල ඇඳුම නව ආකාරයකින් නිර්මාණය කර ගැනීම සඳහාත් මේ වෙනකොට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතිනවා.”
ඒ අනුව පොලිස් සේවයේ විශේෂිත රාජකාරි සඳහා අවදානම් දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් 2027 අයවැය ලේඛනය හරහා කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවද ප්‍රකාශයේ සඳහන් වේ.
එමෙන්ම ඉදිරියේදී පොලිස් නිලධාරීන් සඳහා විද්‍යුත් යතුරුපැදි ලබාදීම සහ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද සැලසුම් සකස් කරමින් පවතී.
පොලිස් සේවයේ ගුණාත්මක සංවර්ධනයට ගැළපෙන පරිදි පොලිස් නිල ඇඳුම නව ආකාරයකින් නිර්මාණය කිරීම සඳහාද අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කරමින් පවතින බව එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.



