ප්‍රධාන පුවත්

නිසි අනුමැතියකින් තොරව ඖෂධ අලෙවි කල ඔසුසැල් හිමියා අත්අඩංගුවට

තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුවන මත්පෙති ජාවාරම් කරුවන් අතර තවත් කූට අලෙවි කරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් සමත්ව තිබෙනවා.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේන්නේ  හැටන් නගරයේ ඔසුසැල් හිමියෙක් වන අතර මොහු විසින් මෙලෙස තරුණයන් හට අලෙවි කර ඇත්තේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව ලබා නොදෙන මානසික රෝගීන් හට ලබා දෙන ඖෂධ වර්ගයක් බව සඳහන් වේ.

 

මෙම සැකකරු විසින් තරුණයන් හට ඉතා අධික මිල ගනන් යටතේ මෙම ඖෂධ අලෙවි කරන බවට තොරතුරක් ලැබී තිබුණි.

 

ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් පොලිස් උපාය දුතයෙකු යොදා ගනිමින් අදාල ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම වැටලීමේදී ඔහු සන්තකයේ තිබී මත් පෙති 1400කට ආසන්න සංඛ්‍යාවක් පොලිසිය භාරයට ගත් බව සඳහන්ය. 

 

අදාල ඔසුසැල් හිමිකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියහ.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button