විදෙස්

ජෙට් ඉන්ධන මිල ඉහළ යාමෙන් ගුවන් ගමන් 12%කට බලපෑම් – ගමන් වාර අවලංගුයි

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද්ධමය තත්ත්වය හේතුවෙන් ජෙට් ඉන්ධන මිල ඉහළ යාම ගුවන් සේවා ක්ෂේත්‍රයට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සිදුකෙරෙන අභ්‍යන්තර හා සෘජු ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට ගුවන් සමාගම් පියවර ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මැයි මාසය තුළ ගුවන් ගමන්වලින් ගුවන් වාර 12%ක් පමණ මෙම තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව තිබේ. විශේෂයෙන් ඕක්ලන්ඩ්, ක්‍රයිස්චර්ච්, වෙලින්ටන්, සිඩ්නි සහ බ්‍රිස්බේන් අතර ගුවන් ගමන් මෙලෙස අවලංගු වී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ගුවන් සමාගම් පවසන්නේ බොහෝ මගීන් සඳහා විකල්ප ගුවන් ගමන් ඒම දිනය තුළම ලබාදීමට කටයුතු කර ඇති බවයි. එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයින්ට ඇතිවන අපහසුතාවය පිළිබඳ කනගාටුව පළ කරමින් ඔවුන්ගේ ධෛර්යය හා සහයෝගයට ස්තූතිය ද පළ කර ඇත.

ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් අර්බුදය හේතුවෙන් වියට්නාමයේ ගුවන් සේවය ද සතියකට දේශීය ගුවන් ගමන් 24කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, මියන්මාරයේ ගුවන් සමාගම් ද ඔවුන්ගේ දේශීය කාලසටහන් සංශෝධනය කරමින් ගමන් වාර අඩු කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button