
ඔස්ට්‍රේලියා, ශ්‍රී ලංකා අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාව ව්‍යාප්ත කිරීමට නව අවස්ථා
ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා සාමකාමී සහ හිතකර ගමනාන්තයක් බව අවධාරණය කරමින්, ඔස්ට්‍රේලියානු ආයෝජකයින් මෙරටට ආරාධනා කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම අදහස් පළවූයේ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදීය. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.
සාකච්ඡාවේදී දෙරට අතර දිගුකාලීනව පවතින මිත්‍රශීලී සබඳතා සහ ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු සහය පිළිබඳව කෘතඥතාව පළ කළ කථානායකවරයා, මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අඛණ්ඩ සහතිකයක් ද ලබාදුන්නාය.
එමෙන්ම, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය.
තවද, ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ පරිප්පු ඇතුළු ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවේශය පිළිබඳවද ඔහු සඳහන් කළ අතර, විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීම සඳහා පවතින හැකියාව පිළිබඳව අවධානය යොමු විය.
මෙම හමුව තුළින් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින දිගුකාලීන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට සහ ආර්ථික, වාණිජ හා කෘෂිකාර්මික ක්ෂේත්රවල නව අවස්ථා සොයා ගැනීමට දෙපාර්ශ්වය විසින් එකඟතාවය පළ කර ඇත.



