යුද්ධ සහ ගැටුම්

යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් ගෙන් නව යෝජයෝජනාවලියක්

දරුණු ලෙස පැවති මැදපෙරදිග යුද්ධයට විරාම කාලයක් ලබාදුන් අමෙරිකානු ජනාධිපති විසින් සටන් නැවතීමට නව එකඟතා 15ක් ඉරානයට ඉදිරිපත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

 

අමෙරිකානු ජනාධිපති වරයා පවසන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.

 

මේ අතර, තවමත් ඊශ්‍රායලය සහ ඉරානය අඛණ්ඩව ප්‍රහාර හුවමාරු කර ගනිමින් සිටින බවත්, ඊශ්‍රායල හමුදාව විසින්  දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇති බවත් එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 

ඉහත කී අදාළ එකඟතා සැලැස්ම තුළ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවන් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම යන කරුනු ඇතුළත් බව ද සඳහන්ය.

 

මේ අතර විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ එවැනි ලියවිල්ලක් මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බවය .

 

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව දියත් කල ඉරානයට එරෙහි යුද්ධයෙන්  ආරම්භ වූ දා සිට ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ  ස්ථාන 82,000කට හානි සිදුවී ඇති බව දෙරටින් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button