ප්‍රධාන පුවත්

රු. ලක්ෂ 50ක අල්ලස් චෝදනාවට කොළඹ 12 ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

 

රුපියල් ලක්ෂ 50ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවකට අදාළව ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (අල්ලස් කොමිසම) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී දේපළ හෝ වත්කම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකුට ඇප ලබාගැනීමට සහය ලබාදීම සඳහාත්, එම සැකකරුගේ පවුලේ ඥාතීන් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට උදව් කරන බවට පොරොන්දු වෙමින් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button