ප්‍රධාන පුවත්

නාගොඩ හන්දියේදී පොලිස් නිලධාරීන්ට පහරදුන් ලොරි රියදුරු අත්අඩංගුවට

අනතුරුදායක ලෙස ලොරි රථයක් ධාවනය කළ බවට සැකකරන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ නිලඇඳුම් ඉරා දැමූ බවට චෝදනා එල්ල වූ ලොරි රියදුරෙකු කළුතර දකුණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයකු බවයි.

මෙම පුද්ගලයා පළාතොට මාර්ගයෙන් කටුකුරුන්ද දෙසට ලොරි රථය ධාවනය කරමින් සිටියදී නාගොඩ හන්දියේ ස්ථාපිත කර තිබූ මාර්ග බාධකයකදී පොලිසිය විසින් නවතා පරීක්ෂා කර තිබේ. එහිදී ඇති වූ කතාබහක් අතරතුර ඔහු පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බව පොලිසිය පවසයි.

පහරට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු විසින් එල්ල කළ පිහිතල ප්‍රහාරයකින් එක් නිලධාරියකුගේ වම් අතට කැපුම් තුවාලයක්ද සිදුවී ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button