ප්‍රධාන පුවත්

UN මහා මණ්ඩලයේ යුක්‍රේන සාම යෝජනාවට ශ්‍රී ලංකාව-ඉන්දියාව ඡන්දයෙන් වැළකෙයි

රුසියානු–යුක්‍රේන යුද්ධය පිළිබඳව ඉදිරිපත් කළ “Support for Lasting Peace in Ukraine” යෝජනාවට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

මෙම යෝජනාව රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කර වසර හතරක් පිරෙන අවස්ථාවට සමගාමීව United Nations General Assembly වෙත ඉදිරිපත් කර තිබුණි.

193 සාමාජික රටවල් සහභාගී වූ ඡන්ද විමසීමේදී රටවල් 107ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර, 12ක් විරුද්ධ විය. තවත් රටවල් 51ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට අමතරව Bahrain, Bangladesh, Brazil, China, South Africa, United Arab Emirates සහ United States ද ඡන්දය දීමෙන් වැළකුණු රටවල් අතරට ඇතුළත් විය.

මෙම යෝජනාව මඟින් ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ සන්ධාන ව්‍යවස්ථාව අනුව සාධාරණ, ස්ථාවර සහ මුළුමනින්ම සාමයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය නැවත අවධාරණය කර තිබේ.

ඒ සමඟම, යුද්ධයට සම්බන්ධ සියලු යුද සිරකරුවන් සම්පූර්ණයෙන් හුවමාරු කිරීම, නීතිවිරෝධී ලෙස රඳවා සිටින සියලු පුද්ගලයින් නිදහස් කිරීම වැනි කරුණුද වැදගත් පියවර ලෙස යෝජනාවේ සඳහන් වේ.

තවද, ජාත්‍යන්තරව පිළිගත් සීමා තුළ යුක්‍රේනයේ ස්වාධීනත්වය, ඒකීයභාවය සහ භූමික අඛණ්ඩතාවයට දැඩි කැපවීම යළි තහවුරු කිරීමද මෙම යෝජනාව තුළින් ප්‍රකාශයට පත් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button