
ප්රධාන පුවත්
3 හැවිරිදි දැරියකට දිවි අහිමි කල රිය අනතුර
නාගොල්ල ප්රදේශයේදී මෝටර් රථයක් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් 3 හැවිරිදි දැරියක් මියගොස් තිබේ.
ඊයේ (20) දහවල් කාලයේදී ඇත්ගාල පොලිස් වසමේ ගම්පොල නාවලපිටිය මාර්ගයේ නාගොල්ල ප්රදේශයේදීය මෙම අනතුර සිදුවී තිබුණි.
මෙම අනතුරින් යතුරුපැදිකාරිය, දරු දෙදෙනා තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දියණිය මෙලෙස මියගොස් ඇත.
අදාළ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇත්ගාල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.



