උණුසුම් පුවත්

හම්බන්තොට පල්ලේමළලේ බස් ගැටුමක් – 20ක් රෝහල් ගතයි

Hambantota දිස්ත්‍රික්කයේ පල්ලේමළල ප්‍රදේශයේ අද (18) දහවල් සිදුවූ බිහිසුණු බස් අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

ගාල්ල – දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ තිස්සමහාරාමය – මාතර මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව හම්බන්තොට පොලීසිය සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ ගාල්ල – දෙහිඅත්තකණ්ඩිය අතර ධාවනය වූ බස් රථයේ මගීන් 57 දෙනෙකු පමණ සිට ඇති බවත්, එයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වෙයි. තුවාල ලැබූවන් අතර විදේශිකයන් කිහිප දෙනෙකුද සිටි බව සඳහන්ය.

කෙසේ වෙතත්, රෝහල් ගත කළ පිරිස ප්‍රතිකාර ලබා පසුව පිටව ගොස් ඇති බවද වාර්තා වේ. තිස්සමහාරාමය – මාතර මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයේ මගීන්ට තුවාල කිසිවක් සිදුවී නොමැති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

අනතුරෙන් පසු ගාල්ල – දෙහිඅත්තකණ්ඩිය බස් රථය රියදුරු පාලනයෙන් මිදී අවට තිබූ ව්‍යාපාරික ස්ථානයක තාප්පයක් කඩා බිඳ දමමින් කුඩා වෙළඳසැලක්ද හානි කරමින් ඉදිරියට ගමන් කර ඇති බව සඳහන් වේ.

මෙම අනතුරින් බස් රථ දෙකටම දැඩි අලාභ හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හම්බන්තොට පොලීසිය විසින් සිදු කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button