ප්‍රධාන පුවත්

ලුණුගල කුඹුකන් ඔය රක්ෂිතයේ නීතිවිරෝධී කැණීම් කළ 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

 

ලුණුගල, බුළුගොල්ල ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලුණුගල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක්, බුළුගොල්ල ප්‍රදේශයේ පිහිටි කුඹුකන් ඔය රක්ෂිතයේ සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අල්ලාගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් සතුව තිබූ කැණීම් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 49 සිට 61 දක්වා පසුවන අය බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් වූ පුද්ගලයින් ලුණුගල, ඇඹිලිපිටිය, පිළියන්දල, තණමල්විල, මිල්ලබැද්ද සහ හොප්ටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button