ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාව බිඳ වැටෙමින් පවතිනවා – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

ශ්‍රී ලංකාව තුළ පවුල් සංස්ථාව ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළහ.

කළුතර 117 වැනි ලූර්දු මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වෙමින් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, වර්තමානයේ පවුල් ජීවිතය කඩාකප්පල් වන ආකාරයේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි. එය භයානක ලෙස සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවද උන්වහන්සේ අවධාරණය කළහ.

තවද, පවුල යනු සමාජයේ කුඩාම ඒකකය බව පෙන්වා දුන් අගරදගුරු හිමියන්, පවුල් සංස්ථාව ශක්තිමත් වූ විට පමණක් සමාජයද ශක්තිමත් වන බව ප්‍රකාශ කළහ.

මෙරට සමාජ සංවර්ධනය සඳහා පවුල් අගය රැක ගැනීම අත්‍යවශ්‍ය බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

 

“අද කාලේ වෙලා තියන විශාලම විනාශය තමයි මේ පවුල් ජීවිතය කඩාකප්පල් වීමේ ක්‍රමවේදය. අද ශ්‍රී ලංකාව තුළත් මෙය ඉතාමත් භයානක අන්දමින් පැතිරීගෙන යන වසංගතයක් බවට පත්වෙලා තිබෙනවා. ඉතාමත්ම තේරුමක් නැති විදිහට හුදෙක් හැඟීම්වලට, රූපයට, පෙණුමට, සිනහවට පමණක් වහල්වෙලා විවාහ වෙලා ටික කලකින් එය අතහැර දමන යුවල් බොහොමයක් අද ශ්‍රී ලංකාව තුළ ජනිත වෙමින් පවතිනවා. කිසිම අර්ථයක් නැතිව විවාහ ජීවිතය සෙල්ලමකට ගන්න තත්ත්වයක් අද ලංකාව තුළ පවතිනවා. 

විවාහ ජීවිතය කියන්නේ සමාජයේ පදනම. සාර්ථක විවාහ ජීවිතයක් ගත කළොත්, සාර්ථක පවුල් ජීවිතයක් ගත කළොත් පවුල තමයි සමාජයේ කුඩාම ඒකකය. කතෝලික සභාව කියන්නේ කුඩාම ඒකකය තමයි පවුල කියලා. ඉතිං පවුල ශක්තිමත් නම් සමාජය ශක්තිමත් වෙනවා, පවුල් ජීවිතය ශක්තිමත් නම්, පවුල් ජීවිතය භක්තිවන්ත නම් කතෝලික සභාව භක්තිවන්න ආයතනයක් වීමේ හැකියාව පවතිනවා.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button