
ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 750ක් ඉක්මවූ විදෙස් ප්‍රේෂණ
මෙම වසරේ ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 751.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2025 වසරේ ජනවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 573.0ක් ලෙස සටහන් වී තිබුණි.
ඒම වාර්තාවට අනුව, 2026 වසරේ ජනවාරි මාසයේදී පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 178.1ක වර්ධනයක් විදෙස් ප්‍රේෂණවල දක්නට ලැබෙන බව පැහැදිලි වේ.
ඒත් සමඟ, 2026 වසරේ ජනවාරි මාසයේ සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 378.3ක් ලෙස වාර්තා වී ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.
කෙසේ හෝ, 2025 වසරේ ජනවාරි මාසයේදී සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 400.7ක් ලෙස වාර්තා වූ අතර, එය 2026 වසරේ ජනවාරි මාසය සමඟ සැසඳීමේදී සියයට 5.6ක අඩුවක් ලෙස පෙන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.



