ක්‍රීඩා

පාකිස්තානු පිලට 148ක ඉලක්කයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයක් ලෙස අද (07) පැවැත්වෙන පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසන් වන විට සියලු කඩුලු අහිමි කර ලකුණු 147ක් ලබාගත්තේය.

එමඟින් පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 148ක ඉලක්කයක් හිමිව ඇත.

SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක සල්මාන් අගා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

නෙදර්ලන්ත ඉනිම ශක්තිමත් කිරීමට නායක ස්කොට් එඩ්වඩ්ස් ලකුණු 37ක් රැස්කරමින් ඉහළ දක්ෂතාවක් දැක්වූ අතර, බස් ඩි ලීඩ් ලකුණු 30ක් සහ මයිකල් ලෙවිට් ලකුණු 24ක් ලබා පිත්තෙන් සහය දුන්හ.

පාකිස්තානය වෙනුවෙන් සල්මාන් මිර්සා ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් ප්‍රමුඛ පන්දු යැවීමක නිරත වූ අතර, මොහොමඩ් නවාස් (2/38), අබ්රාර් අහ්හඩ් (2/23) සහ සයිම් අයුබ් (2/7) ද පන්දු යැවීමේදී දක්ෂතා පෙන්වූහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button